අනේ යාල් දේවී - ane yaal devi - Sunil Edirisinghe

අනේ යාල් දේවී 
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින් 
හිස පළඳනාවේ තිබුණා ලියලා 
කන්කසන්තුරේ කියලා ..//
අනේ යාල් දේවී 

පොර කුකුලන් රඟනා දෙමන්සලේ 
අපි ආගිය මං තොට වල් වැදිලා 
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ 
මුතු පවුර ගිලී මුහුදටම ගිහින් 

අනේ යාල් දේවී ../

කොට්ට කිලෙන්ගුයි තල් හකුරුයි 
හරි මාත්තුවට ගෙන රස බලනා 
නුඹේ සංගුව වදිනා තුරු ඉන්නේ 
අපි හැබෑවටම නෑගම් එනකං 

අනේ යාල් දේවී ..

ගී පද: වසන්ත කුමාර කොබවක 
සංගීතය: එච් එම් ජයවර්ධන 
ගායනය: සුනිල් එදිරිසිංහ 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera