දෙස බස රැසට - Desa Basa Resata - Abeywardena Balasooriya

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා
කළු සුද්දන් ගැතිව පවසන තෙපුල අසා
කකියයි රුහිරු රුපුසේනා තෙදණ නසා
නිවහල් ඟඟ ගලයි අද මුළු රටම වසා

පරයින් බසට ගැති හෙලයන් පිටු දකිනු
පරයින් පා සිඹින වහලුන් දුරු කරනු
පරයින් මිතුරු කැල සතුරන් ලෙස සිතනු
පරයින් නසන නිදහස් පිළිරැව් නගනු

දෙසබස රැසට ....

පරගැති කුමරුවෝ හිනැහෙති සඳළුතලේ
පරගැති නැති පුතුන් පසුවෙද පිදුරු පැලේ
උන්ආ දිනෙක බිඳ දා අවි රද සතුරු බලේ
මේ ලක් පොළොවැ නිවහල් මල් පොකුරු දිලේ

දෙසබස රැසට ....

ගී පද:  සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසූරිය
සංගීතය:  වික්ටර් රත්නායක

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera