හිරු පිබිදෙන විට - Hiru Pibidena wita - Clarence Wijewardena

හිරු පිබිදෙන විට කඳු වැල් අතරින් 
රැස් දහරක් වී ඔබ එන්නේ 
නෙත් හරවා මම ඉවත බැලූ විට 
මල් කැකුලක් වී හිනැහෙන්නේ  
මාලිනියේ මාලිනියේ 
මාලිනියේ මා ලාලනියේ 

ඔබගෙන් වෙන්වී තනිවී ඉන්නට 
ඇයි මාගේ සිත විමසන්නේ 
එනමුත් එසේ මා තනිවූ මොහොතක 
සිතුවිල්ලක් වී ඔබ එන්නේ 
මාලිනියේ මාලිනියේ 
මාලිනියේ මා ලාලනියේ  

නිදි යහනේ මා දෙනෙත් වැසූ විට 
සිහිනෙක දැවටී ඔබ එන්නේ 
ගීයක පද මැද තනිවූ මොහොතක 
තනුවක් වී සවනට එන්නේ 

මාලිනියේ මාලිනියේ 
මාලිනියේ මා ලාලනියේ ..////

ගී පද/සංගීතය/ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera