මේ අවන්හලේ - Me Awanhale - Neela Wickremasinghe

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි
මා ඔබ වගේම ලෝකේ 
කඳුළු දුක් සිතේ ලා දිවි ගෙවන්නෙමි
ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමි

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මා ලවන් දැලේ බිඟුන් මුලා වී රැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා

ගී පද: කේ.ඩී.කේ ධර්මවර්ධන 
සංගීතය: නිමල් මෙන්ඩිස් 
ගායනය: නීලා වික්‍රමසිංහ 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera