උදා වෙලා ආදරේ - Uda wela adare - Rohana Bogoda

උදා වෙලා ආදරේ යොවුන් කුසුම් වනේ 
නිමාවෙලා ජීවිතේ වේදනා 
හදේ බැඳී ආදරේ, නෙතේ රැඳී ආදරේ 
සැබෑ වෙලා ලංවෙලා සිනා වෙවී ..//

කුමුදයි සඳයි සේ බැඳී ආදරේ 
අතිනත් අරන් ජීවිතේ වසන්තයේ ..//
දිගුකල් දිනේවා සෙනෙහේ බැඳේවා 
වෙරළයි රළයි සේ බැඳී සදාදරේ 

උදා වෙලා ආදරේ ..

බඹරයි මලයි සේ බැඳී ආදරේ 
සිත්සේ සරා ජීවිතේ සඳුන් වනේ ..//
දිගුකල් දිනේවා සෙනෙහේ බැඳේවා 
වෙරළයි රළයි සේ බැඳී සදාදරේ 

උදා වෙලා ආදරේ ..//

ගී පද: කේ ඩී කේ ධර්මවර්ධන 
ගායනය: රෝහණ බෝගොඩ 
සංගීතය: ප්‍රේමනාත් කොඩිතුවක්කු  




Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera