දිනෙක මතු දා - Dineka Mathu Da - Abeywardana Balasuriya

දිනෙක මතු දා දෛවයෝගෙන් 
ඔබව හමුවේ නම්
සිතැඟි ඉවසා වේදනා දුන් 
ආදරේ මා පවසන්නම්..//

බැඳි ආදරේ සඟවා හිතේ 
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ  මා කීවේ නෑ  
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා

දිනෙක මතු දා...

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන් 
හෙට හෝ ඔබත් යාවී
තනිවූ මගේ පෙම් චේතනා 
මට රෑ රිදුම් දේවී හදේ
පසුතැවී අඳුරේ

දිනෙක මතු දා...

ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ 
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක 
ගායනය: අබේවර්ධන බාලසූරිය

https://songbox.com/songbox/n6X31f1C0YSYeQV6b6T981RjdEGZia95JSPufbAYVuQCWSIg3y 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera