කුරුටු ගෑ ගී - Kurutu Gae Gee - Nanda Malini
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වධ වේදනා
කුරුටු ගෑ ගී පොතේ
ඔබෙන් පෙරදා
උගෙන කවිකම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන්
හැඬු කඳුලෙන්
ගයමි මම කිවිඳුනේ
මියුරු කවිවැල්
කුරිරු ස්වරයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන්
කුමට කවිකම්
කිවිඳ මට කවි ලොවේ
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: විශාරද නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්
Comments
Post a Comment