මාළිගාවේ මා රැජිනි - Maligawe Ma Rejini - Sujatha Attanayake
මාළිගාවේ මා රැජිනි
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ
මිහිරි සැප මැවේ
මාළිගාවේ මා රැජිනි ..//
ආ....ආ..ආ...ආ..
ආ....ආ..ආ...ආ.
.
ඈත මෑත සිතල සුළගයි
අහසේ නිල් වළා පාවෙයි
චන්ද්‍රරාණි කාන්ති බැබළෙයි
රන්තරූ රඟයි ..//
මාළිගාවේ මා රැජිනි
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ
මිහිරි සැප මැවේ
මාළිගාවේ මා රැජිනි
ආ....ආ..ආ...ආ..
ආ....ආ..ආ...ආ.
ඝෝර චණ්ඩ මිනිසුන් ඇසුරේ වේ ය අවහිරේ
මා තනිවම මේ කරදියරේ
මවමි සුරපුරේ
රන්විමනේ මේ ඔරුවේ සොම්නසේ සුවේ
රන්විමනේ මේ ඔරුවේ සොම්නසේ සුවේ
සෑම කල්ම හිඳිමි සුවසේ
සෝක දුක් නොවේ
මාළිගාවේ මා රැජිනි
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ
මිහිරි සැප මැවේ
ආ....ආ..ආ...ආ..
ආ....ආ..ආ...ආ.
සාමදනේ සම්පත විදිමී
මල් පිපෙයි හිසේ
ලෝකයේ පීඩාවන් දුරුවේ
තේරුණා රසේ
මුදූ වැල්ලේ රැල්ල පෙරලී
ගී ගයා වැලේ
මුදූ වැල්ලේ රැල්ල පෙරලී
ගී ගයා වැලේ
මාගේ සිහින මෝර මෝරා
ඒවි සීතලේ
මාළිගාවේ මා රැජිනි
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ
මිහිරි සැප මැවේ
මාළිගාවේ මා රැජිනි
ආ....ආ..ආ...ආ..
ආ....ආ..ආ...ආ.
ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
චිත්‍රපටය - ධීවරයෝ (1964)
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
චිත්‍රපටය - ධීවරයෝ (1964)
Comments
Post a Comment