නීල කොබෝ නිල - Neela Kobo Nila - Vijaya Kumaranathunga
නීල කොබෝ නිල පෑව ඔබේ
දිගු නීල නුවන් එළියෙන්
සෝක සුසුම් මැද පාළු වෙලා ගිය
ඈත අතීතෙට පාර කියන්
සාද තෙපුල් මුදු කෝල සිනා
දෑස නුරා අනුරාගී කතා
ඈත දුරින් ඇසුනාට සිතක් නැත
පාළු වෙලා සිත පාළු වෙලා
නීල කොබෝ ...
දෑත බැඳී ගුරු පාර ගෙවා
කීව කතා පෙර සේම කියා
සිහින ලෙසින් දුටුවාට පලක් නැත
පාළු වෙලා සිත පාළු වෙලා
නීල කොබෝ ...//
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
ගායනය: විජය කුමාරණතුංග
සංගීතය: රෝහණ වීරසිංහ
Comments
Post a Comment