නීල වර්ණ - Neela Warna - Indrani Bogoda
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිළ නොයන්නේ
අදුර බිඳින සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ
ගී පද: ජී එච් කේ රත්නසිරි
ගායනය: ඉන්ද්‍රාණි බෝගොඩ
සංගීතය: චන්ද්‍රදාස බෝගොඩ
Comments
Post a Comment