නෙත නොපියා - Netha Nopiya - Milton Mallawaarachchi

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ 
ඈත අහසේ තාරුකා නැඟේ 
රැය නොගෙවා
ළත වෙනවා
දෑස ඈගේ මා නිසා පෙඟේ 
දෑස ඈගේ මා නිසා පෙඟේ 

දෑතෙ ඇඳී රේඛා වැනී කිසිදා මැකී යා නොදී ..//
පෑ ඔබේ දයා ආදරේ 
ලියැවී තිබේ මා හදේ
ලියැවී තිබේ මා හදේ

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ 
ඈත අහසේ තාරුකා නැඟේ 

පෑවූ සඳ ඔබ නම් ළඳේ මාගේ සිතුම් එහි ඇඳේ ..//
ඒ ඔබේ අමා ගී පොතේ
ගීයක් වුණා ජීවිතේ
ගීයක් වුණා ජීවිතේ

නෙත නොපියා ...

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: එඩ්ගා පෙරේරා
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera