සන්තාප මාවතේ - Santhapa Mawathe - Sunil Edirisinghe
සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්
තරුවක් ලෙසින් වැළපී හඬා රැයේ
දැරියක් හිඳී තනිවී දෙමංතලේ
නොසැළී රැදී කඳුලක් ඇගේ නෙතේ
හඬගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හදවිල් තලේ මගේ
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව යේ
සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්
ගී පද ; කුමාරදාස සපුතන්ත්‍රී
ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
Comments
Post a Comment