වහින්නට හැකිනම් - Wahinnata Hakinam - Nanda Malini
වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින්
රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගතහැකි වන මලක් වී
වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින්
නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී
වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින්
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය විශාරද නන්දා මාලිනී
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර
Comments
Post a Comment