යළි උදාවූ වසන්තේ - Yali Udawu Wasanathe - Edward Jayakodi
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්
විරහිනියක සේ හිත ඉල්ලූ දා
ඔබ හට මතක නැතී
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්
එන්න ළංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
නන්නාඳුනනා කිසිවෙකු වෙනුවෙන්
ඔබ සිත හඬණු නැතී
ඔබ හද සොහොනේ මිහිදන් කළ මා
දැන්නම් අගය නැතී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්
එන්න ළංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්
ගී පද: ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය: සරත් ද අල්විස්
ගායනය: එඩ්වඩ් ජයකොඩි
Comments
Post a Comment