අමතක කරලමු - Amathaka Karalamu - Mohideen Beig

අමතක කරලමු පැරණි කතා 
එක් වෙමු ජාතික දියුණ පතා ..//
දැන දැන කිම  බැඳේණුයේ වරදේ 
ලොව කල කල දේ පල පල දේ 
අමතක කරලමු පැරණි කතා 
එක් වෙමු ජාතික දියුණ පතා ..

එක දරු කැළ මෙන් සිටිමු මතූ 
අමුණමු සමගියේ අනගි මුතු ..//
යොදවා දුරදිග ඔබගේ මොළේ 
පෙන්වනු මිනිසකු සතුවූ බලේ ..//

අමතක කරලමු පැරණි කතා 
එක් වෙමු ජාතික දියුණ පතා ..

නව නිපැයුම් අප රටෙහි සදා 
නව යුගයක් අපි කරමු උදා ..//
සිරිලක් මවගේ අනාගතේ 
රැඳී තියෙන්නේ ඔබගේ අතේ ..//

අමතක කරලමු ..//

ගී පද: කරුණාරත්න අබේසේකර 
සංගීතය: ආර් මුත්තුසාමි 
ගායනය: අල්හාජ් මොහිදීන් බෙග් 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera