අගාධ සාගරයේ - agada sagaraye - J A Milton Perera
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි
සීතල රල් ඔස්සේ පීනා ගිය වරල් සලා
සෝබන රුවැති මසුන් දැමු දැලට ඇතුල් කළා
අගාධ සාගරයේ ...
මුළු ජීවිතේදී මාගේ නැත පරාදීන වූයේ //
කිසිදාක නොමැත මෙලොවේ සෝක සුසුම් හෙලූවේ
අගාධ සාගරයේ ...
සඳ වතට අඹර වාගේ
ඔබ හිතට ඔබී මාගේ
ආලෝක වන්න මේ ගේ
එලියද වෙන කාගේ
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි
අගාධ සාගරයේ ...
මගේ හද සයුරේ ගිලිලා පෙම් පිඬු අතරේ වැහිලා //
ඇති රන් මාළුවේ බබළා නොයනු මිදිලා
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි
සීතල රල් ඔස්සේ පීනා ගිය වරල් සලා
සෝබන රුවැති මසුන් දැමු දැලට ඇතුල් කළා
අගාධ සාගරයේ ...
ගී පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: එම් කේ රොක්සාමි'
ගායනය: ජේ ඒ මිල්ටන් පෙරේරා
Comments
Post a Comment