සුරැකීමට හෝ - Surakimata Ho - J A Milton Perera

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ //

මගේ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා 
එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා //
වැළපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

අඩකි පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ 
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ  //
පිටුපෑමට ලංවීමට භවයේ වරින් වරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

අද හෝ හෙට කරුණාකොට වියළුණු දෙතොල් තෙමා 
තොල ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා 
ඔබගේ නෙත කඳුළැලි මත පාවෙන තරම් ප්‍රියේ 
දරුණු නැත මගේ හදවත හොඳ සිහිය මත තියේ 
සෙලවීමට නොහැකීවද බාධක සුළං සැරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ 
එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ ///

ගී පද: කරුණාරත්න අබේසේකර 
සංගීතය: එම් කේ රොක්සාමි'
ගායනය: ජේ ඒ මිල්ටන් පෙරේරා 




Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera