කිසිවක් නොකියන - Kisiwak Nokiyana - Sanath Nandasiri

කිසිවක් නොකියන කිසිවක් නොඅසන
මුනිවත රකිනා ලඳුනි පබා 
කල්පිතයක් මැද තනිවූ පමණින් 
මුව ගොළු ලා ගෙන හිඳිනු එපා 

කියා ගන්න බැරි දහසක් දේ ඇත ජීවිතයට 
හිතා ගන්න බැරි දහසක් දේ ඇත ඔබ අප වට 
ඉඳුනිල් ලෙලැසියේ 
ඔබේ සිතත් මගේ සිතත් 
දෙකම එකක් කල අපට රහස් නැත 
මුව ගොළු ලා ගෙන හිඳිනු එපා

කිසිවක් නොකියන ...

තනිවූ මොහොතක කුණාටුවක් මැද සාගරයක 
එක්වූ මොහොතක තරු වියනක් යට මල් යායක 
එනමුදු කුමුදිනියේ
ඔබේ සිතත් මගේ සිතත් 
දෙකම එකක් කල අපට රහස් නැත 
මුව ගොළු ලා ගෙන හිඳිනු එපා

කිසිවක් නොකියන ...

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් 
ගායනය: සනත් නන්දසිරි 
සංගීතය: සනත් නන්දසිරි 


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera