සඳ හා කුමුදයි - Sanda Ha Kumudayi - Ranjani Perera Jayatissa Hettiararachchi

සඳ හා කුමුදයි මල හා පොකුණයි
තව කුමටද උපමා
කිවියන් වියතුන් කිසිවෙකුටත් බෑ
සසඳන්නට ඔබ මා...

ගල් ලෙන් එක්ටැම් සෙල් ලිපි නටඹුන්
සමරන ඉතිහාසේ
ඔබ මා සමඟින් ජීවත් වූ ලොව
නැත මගෙ පෙම් දේසේ...

දින දින දිනමින් පරදිනු නොහැකිව
ගත වී යයි ඊයේ
ජීවත්වන තුරු භවයෙන් භවයට 
ඔබ ඕනෑ ආයේ...

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය :  රංජනී පෙරේරා සහ ජයතිස්ස හෙට්ටිආරච්චි  

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera