මනමාල ගිරව් - Manamaala Giraw - Somathilaka Jayamaha

මනමාල ගිරව් මනලෝල ගමන් එති
කෝල නොවෙන් යවුවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ //

ඈත රටින් ලද දූත හසුන්
බැලුවාට හොරෙන් සඳ එළියේ

ප්‍රේම විරහ දුක ශෝකය දී 
පිටුපානු එපා සඳවතියේ //

මනමාල ගිරව් ...

දෑත රබන් සංගීත සුරල්
හැඬ වෙන්න ළඟයි කල එළියේ

දීග නොයන් ළිඳ ලන්ද මගේ ගම
පාළු කෙරෙයි මියුලැසියේ //

මනමාල ගිරව් ...//

ගී පද: සුනිල් සරත් පෙරේරා 
සංගීතය: අමරසිරි පීරිස් 
තනුව සහ ගායනය: සෝමතිලක ජයමහ

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera