මිහිරාවී - Mihiraawee - Sanath Nandasiri

 
මිහිරාවී
මධු මී බිඳකී ඔබ ජීවිතේ
නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා...
ගී රස ගංගා දෙගොඩ තලා
සොයමින් එන්නේ ඔබ ව බලා
ආදර සේයාව ගීතාව
මිහිරාව ඔබ ය ප්රියේ
ජීවනයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා...
ආදර ගීයේ තනුව ඔබ යි
රස ගන්වන වෙණ මිහිර ඔබ යි
මා දුටු සේයාව ගීතාව
මිහිරාව ඔබ ය ප්රියේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා...

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සනත් නන්දසිරි
ගායනය: සනත් නන්දසිරි / මල්කාන්ති නන්දසිරි

Comments

Popular posts from this blog

මතක ලන්තෑරුම් අඳුර - Mathaka Lantharum andura - Divulgane, Abhisheka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

ඔය හද පාතාල ආමී - Oya hada pathaala - Mohideen Beig