බිනරමලී - Binaramali - Rohitha Wijesuriya

බිනරමලී...බිනරමලී...
රන් රැස් කෙදි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පලදා වලා සේල ඇද
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සද 
 
වනසපු මල් පිපී සුවද තීරු පෙරෙනවා
ඇගේ ලගත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බදේ පෙති ගෝමර සිහියට එනවා
බිනරමලී එක්ක එන්න...............
 
බිනරමලී සිනාසුනා මතකයි යන්තම්
මල්පෙති ඇමුණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය තබා ඉග නළවන ගමනෙහි අන්දම්
සද පෑව්වා වගේ වැටට උඩිනුත් අන්දම්
බිනරමලී එක්ක එන්න...............
 
ඉර පායා රැස් විහිදා මුදුනට එන කොට
සදකත් පිනිදිය ගලලා රැයක් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බඹරුන් එන විට
බිනරමලී මතක් වෙනවා ඉන්නට බෑ මට
බිනරමලී එක්ක එන්න...............
 
පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල්
තොදොල් වෙවී කථා කියන හඩවා රසු දැල්
කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බංඩගෙ පැලේ තමයි බිනරී හැම කල්
බිනරමලී එක්ක එන්න.............
 
ගොයම් නෙළුමෙ කවි සීපද බිනරි කියන විට
කොවුල් හඩක් තවත් මොටද මුවන් පැලැස්සට
දියත් සසල වෙයි පෑරෙන හදවත් ඉදහිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට
බිනරමලී එක්ක එන්න...............
 
පායපු සද නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වලා ගැබේ පතුලට වීදෝ
මැවු සිහින මාලිගාව බිදී වැටුණදෝ
මටත් හොරෙන් බිනරමලී දීග ගියාදෝ
බිනරමලී එක්ක එන්න.............//
 
ගායනය -: රෝහිත විජේසූරිය ඇතුළු පිරිස
පද රචනය -: රංජිත් හේවාබටගේ
සංගීතය -: රෝහිත විජේසූරිය
"1969 වර්ෂයේ බිනරමලි කලු සුදු චිත්රපටයේ
ප්රචාරක කටයුතු සදහා නිමවුන ගීතයකි."

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera