දකුණ නැගෙනහිර - Dakuna Nagenahira - Ivor Dennis

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකම දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළවේ
සුරු විරු කම් උපතින් හුරුවේ 
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස් මවමින් මුළු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරු වී
වන් වන්  අත සුරු වී 
විපත පවා සැපතට හරවාලා 
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළවේ
සුරු විරු කම් උපතින් හුරුවේ 
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස් මවමින් මුළු ලෝ

වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු
නැඟ නැඟ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනදී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළවේ
සුරු විරු කම් උපතින් හුරුවේ 
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස් මවමින් මුළු ලෝ

වීර විකුම් පෑ ආදී මුතුන් ගිය 
පාර අපේ උරුමේ 
නෑර ඔවුන් මග සූර ලෙසින් වැද 
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළවේ
සුරු විරු කම් උපතින් හුරුවේ 
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස් මවමින් මුළු ලෝ

ගී පද : අරිසෙන් අහුබුදු 
සංගීතය: සුනිල් ශාන්ත 
ගායනය: අයිවෝ ඩෙනිස් 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera