ලිඳෙන් වතුර බීලා - Linden Wathura - Victor Rathnayake

ලිඳෙන් වතුර බීලා 
එයින් වතුර නාලා 
ලිඳට ගල් ගසාලා 
වතුර බොර කරයි මිනිසා 
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි 

ගහේ වැල එතීලා යාවී හැදී 
පසුව පිළිල වීලා සාරේ අදී 
කාල බීලා නිදලා කාලේ ගෙවයි 
කාපු තැනද වනසා මිනිසා දුවයි 

ලිඳෙන් වතුර බීලා .....

ඉණිමං තබාලා නැගීලා බලයි 
එයට පහර දීලා කඩාලා දමයි
අතීතේ නසාලා දිනුවා සිතයි 
තිබූ  තැනද  නැතිවී පරාදේ වැටෙයි......

ලිඳෙන් වතුර බීලා .....

ගී  පද : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන
ගායනය :  වික්ටර් රත්නායක

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera