නව මිණි රන් මුතු - Nawa Mini Ran Muthu - H R Jothipala
නව මිණි රන් මුතු ඇත පිරිලා
කප් රුක වැවිලා අතු ලියලා //
ඔබේ ප්‍රතිමාවක් නැති රජ දහනක
කුමටද සක්විති රජෙකු වෙලා
නව මිණි රන් මුතු ඇත පිරිලා
කප් රුක වැවිලා අතු ලියලා
වැලි කතරෙහි කෙම් බිම් හැදිලා
දිය නැති විල් තුල මල් පිපිලා //
ඔබේ සුවඳක් වත් නැති ලිය ගොමුවක
කුමටද මට සමනළෙකු වෙලා
නව මිණි රන් මුතු ඇත පිරිලා කප් රුක වැවිලා අතු ලියලා
ඔබේ ප්‍රතිමාවක් නැති රජ දහනක කුමටද සක්විති රජෙකු වෙලා
නව මිණි රන් මුතු ඇත පිරිලා කප් රුක වැවිලා අතු ලියලා
දිනපති තරුපති එකතු වෙලා
දෙපසේ දිලුණත් සිනහ සලා //
ඔබේ දසුන නැති පරාදීසයක
කුමටද සිය වසරක් ඉඳලා
නව මිණි රන් මුතු ඇත පිරිලා ....
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය: මොහමඩ් සාලි
ගායනය: එච් ආර් ජෝතිපාල
Comments
Post a Comment