සඳ පහන නෙත නිවන - Sanda Pahana - Karunarathna Divulgane

සඳ පහන නෙත නිවන සිත ලඟදි දැල්වී 
නුඹ සඳව මා හදෙහි තව ඇත නොසෙල්වී 
ලොව දෑස දැල්වී තතු සොයන කල්හී 
නුඹ සඳව මා හදෙහි ඇත දැල්වී දැල්වී 

මල් ලතා මණ්ඩපේ පෙම් කතා අපමණයි 
අපේ කතා ලඟදි ඒ හැම කතා ගොළු උණයි 
මල් මහේ පෙම් කවිය ලියවුනේ නුඹටමයි 
ආදරේ අහන්නේ ආදරය විතරමයි 

සඳ පහන නෙත නිවන සිත ලඟදි දැල්වී 
නුඹ සඳව මා හදෙහි තව ඇත නොසෙල්වී 

ගලන ගං දිය මතේ රළ සරැළි අපමණයි 
සාගරය දුටුව දා ඒ සරැළි අසරණයි 
රළ නොනිමි ආදරය මා පිදුවේ නුඹටමයි 
ආදරේ කියන්නේ ආදරය විතරමයි 

සඳ පහන නෙත.....

ගී පද: යමුනා මාලිනි පෙරේරා 
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ 
සංගීතය: රෝහණ වීරසිංහ 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera