කැලෑ මල් පිපෙයි - Kele Mal Pipeyi - Sunil Edirisinghe
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බඹර පිරිස ඇදේ මලින් මලට හෙමින් සැරේ
සිනා රැල් නැඟේ ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඬා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ
අමා ලොල් බඹර පිරිස ඇදේ මලින් මලට හෙමින් සැරේ
සිනා රැල් නැඟේ ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඬා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ
සලෙළ දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි
කැලෑ මල් පිපෙයි...
ළඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල් මෙළඳුන් අතරතුරේ වාසනාවන්
කැලෑ මල් පිපෙයි...
ගී පද: සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය: කැලෑ මල් (1982)
Comments
Post a Comment