ලබැඳි සබඳ ඔබ - labandi sabanda oba - Indrani Bogoda

ලබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ 

මල ඊයේ නැත යලි එළබෙන්නේ 

කඳුලින් කවුරුද ජය පැන් බොන්නේ 

දහදිය බින්දු මත ලොව ඉදිවන්නේ 


නූපන් හෙට උපදින්නේ හෙටටයි 

හෙටට වඩා ඔබ ඕනෑ අදටයි 

අලසව සිටින ගති හරි නිවටයි 

ඔබත් මාත් කැප විය යුතු රටටයි //


ලබැඳි සබඳ ඔබ ....


පෙර මඟ බාදක ගල්පර එමටයි 

ඒ හැම මැඩලන ශක්තිය ඔබටයි 

මේ බිම ඔබ ඉපදුනේ පෙර පිනටයි 

ඔබ මා කැප විය යුතු දිනු රටටයි //


ලබැඳි සබඳ ඔබ ....


ගී පද: සමන් චන්ද්‍රනාත් වීරසිංහ 

සංගීතය: එච්. එම්. ජයවර්ධන  

ගායනය: ඉන්ද්‍රානි බෝගොඩ  


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera