මින් මැදුරේ උයන් කොනේ - Min Medure - Priya Sooriyasena

මින් මැදුරේ උයන් කොනේ 

තුරු සෙවනේ පියුම් විලේ 

ඔබ මේ වාගේ හමුවන්න දෑතේ වෙලී 

හැමදාම නෑ වාසනා 


හද පුජාසනේ බැති පුජා නැතේ 

සිතුවිල්ල ලතැවිල්ල වේ 

ඔබ රන් පාට මල් දෝත සුවඳින් පිරූ 

අසමාන පෙම් ගී ඇසේ 


පෙර හඳුනා තියා මා මනසේ වෙලී 

කඳුලැල්ල හසරැල්ල සේ 

ඔය අනුරාග මදහාස අඩවන් නෙතේ 

සඳ රැල්ල දෝ යා වුණේ 


මින් මැදුරේ....


ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන ?

සංගීතය: ප්‍රියා සුරියසේන ? 

ගායනය: ප්‍රියා සුරියසේන 


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera