සුවඳ සලනවා - Suwanda Salanawa - Dayarathna Perera
සුවඳ සලනවා
කටු අකුලක මලක් පිබිදිලා
බඹරු බමනවා
සුවඳ වැදී මත්වෙලා...
තරු යුවළක් සිනා සලයි
ළඟා වෙන්න බෑ
පියාපත් ඇතත් ඒ දුර
පියාඹන්න බෑ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා
සුවඳ සලනවා...
වෙනසක් නැති ආදරයයි
සිතක් සොයන්නේ
කඳුළක් නැති ආදරයයි
ලොවක් පතන්නේ
කිසිවක් මට සිතාගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා
සුවඳ සලනවා....
ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය සහ ගායනය : දයාරත්න පෙරේරා
Comments
Post a Comment