සිරිනි සරුසර වීලා Sirini Sarusara - Dharmadasa Walpola
සිරිනි සරුසර වීලා
නීල ගොයම් පැසේ
දර්ශනේ රම්‍ය ලංකාර වේ //
විල් පිරීලා මානෙල් පිපීලා
සුවඳෙනී ඉතිරීලා
මේ ආනන්දේ නයන රසදේ
මේ ආනන්දේ නයන රසදේ
පිටිසරෙහි සිරියා සොබනා
සුරලියෝ සම ලියෝ
පූර්ණ සඳසේ උවනා
සුරලියෝ සම ලියෝ
පූර්ණ සඳසේ උවනා
වරල දිලිසේ වලාකුල සේ
වරල දිලිසේ වලාකුල සේ
දෙතොල නා දළු පරදනා
නීල මිණි සේ නෙත් කාන්ති විහිදේ
ළැමද රණ හංසයො සේ.
රූප නාරී මන පිනාවී
පිටිසරෙහි සිරියා සොබනා
ගීපද ?
සංගීතය: ආර් මුත්තුසාමි
ගායනය: ධර්මදාස වල්පොල
සිනමාපටය: මාතලන්
Comments
Post a Comment