ගලින් ගලට - Galin Galata - Karunarathna Divulgane
ගලින් ගලට අඩි තිය තිය
ගලින් ගලට අඩි තිය තිය
හෙමින් හෙමින් අකුරට යන පුංචි නංගියේ
හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්තේ
හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්තේ
ගලින් ගලට ..
රාං කුරුළු සීනු හඬට
ඉරක් ඇවිත් ඉස්කෝලෙට //
නීල කොබෙයියන් පාසල් ගීය ගයන්නේ
සිලි සිලි ගා මදටිය ඇට
වැටුනාවේ ඔලිඳ ඇලට
ඇටි කුකුලෝ විහිළු නැතිව අයින් වෙයන්නේ
ගලින් ගලට ..
හේන් කුඹුරු සිහි කර කර
පමා වෙලා අකුරට යන //
නුඹේ දෑතට කෝටු ඉපල් උරණ නොවන්නේ
සෝඩි ටිකිරි පුංචි පයට
වීරිය වේ හරි හරියට
ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න පුංචි නංගියේ
ගලින් ගලට ..
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය: ගුණදාස කපුගේ
Comments
Post a Comment