මිණි මිණි පොද - Mini Mini Poda - Edward Jayakodi
මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්
ලා සඳ පළුව ඇවිත් නිල්ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස
අද හොඳම දවස ඔබ එනවා නම්
මිණි මිණි පොද ...
බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස
අද හොඳම දවස ඔබ එනවා නම්
මිණි මිණි පොද ...
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
ගායනය: එඩ්වඩ් ජයකොඩි
සංගීතය: කරුණාරත්න විජේවර්ධන
Comments
Post a Comment