නුඹේ නෙත් - Numbe Neth - Lesley Fernando

නුඹේ නෙත් තරු එලිය දැල්වේ
මගේ ලොව ගණදුර වසාගෙන 
මා දෙනෙත් නිල් දියේ පීදෙන 
කඳුළු සියපත සදිසි ප්‍රේමය 

රෑහි හඬ ඉකි ගසන මැදියම 
මලානික පිණි පොකුරු අරගෙන 
පාළු අහසින් එන්න පොලවට 
අතීතය ගැන වරක් හැඬුමට 

නුඹේ නෙත් ..

පෝය හඳ මල් වරව හිනැහෙන 
පුරුදු සිහිනෙක සුවඳ මුසුකර 
අමාවක ගණදුරෙහි තනිවුන 
මගේ ලොවට සඳ එලිය කුමටද 

නුඹේ නෙත් ..

ගී පද: යසනාත් ධම්මික බණ්ඩාර 
ගායනය: ලෙස්ලි ප්‍රනාන්දු 
සංගීතය: නවරත්න ගමගේ 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera