ඕලු පිපීලා - Olu Pipila - Sunil Shantha

ඕලු  පිපීලා  විල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ 
ඕලු නෙළාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ 
එන්න දියේ බැස මා හා 
දෙන්න ඔබේ අත මාලා 
ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා 

වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටවු නංගෝ 
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ 
මෙන්න මලක් මා නෙළුවා 
ඔන්න ඔබේ ඒ මාලා 
ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා 

නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ 
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ 
ඕලු මලේ සුද නාලා 
ඔබේ රුව වැඩිවෙයි මාලා 
ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා 
ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා 

ගී පද, සංගීතය, ගායනය: සුනිල් ශාන්ත 
* මෙය සම්පුර්ණ ගීතය නොවේ

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera