නෙලා ගැනුමට - Nela Ganumata - Sunira Sumanga

නෙලා ගැනුමට නොහැකිවූවද 
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය

ඇස්පනාපිට බිඳුනු හීනෙක 
ලොවට රහසින් සැරිසැරීමය..// 
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය..   

නෙලා ගැනුමට ..

ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය..//
පණ පිටින් මුළු සිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය

නෙලා ගැනුමට නොහැකිවූවද 
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය

ගී පද: නාරද විජේසුරිය 
සංගීතය: කපිල අපරැක්ක 
ගායනය: සුනීර සුමංග 

අසන්න ගයන්න 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera