මල් දුන්නේ මල් - Mal Dunne Mal - Edward Jayakodi

මල් දුන්නේ මල් හී බින්ඳේ  
කවුරුන්දැයි මල් බඹරින්දේ 
රන් කෙන්දෙන් අත් බැඳ දුන් ඒ 
පෙම්වත් පෙම් මින්දද නින්දේ 
සිරි යහනේ මා තනි වේද අහෝ ..//

ගෝමර රන් බඳ දිලිසෙන්නා 
මා යන මං පෙත ඈ එන්නා
ඈට විදින්නට මල් සර හී සැර කෝ ..//
හද චන්දන අංගණයේ 
පුරවන් මකරන්ද ප්‍රියේ ..//

මල් දුන්නේ මල් ..

මානවිකා ගී සින්දු ඇසේ 
හංස රැඟුම් ලැම සීන දිසේ 
පංච කුසුම් හී  වින්දන ප්‍රේමේ කෝ ..//
වෙන නැද්ද විදින්න අවි
පවසන්න අනංග දෙවී ..//

මල් දුන්නේ මල් ..

ගී පද: අජන්තා රණසිංහ 
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: එඩ්වර්ඩ් ජයකොඩි 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera