මල් සර මල් දුන්නේ - Mal sara mal dunne - H R Jothipala
මල් සර මල් දුන්නේ
මල් හී සැර එන්නේ
මගේ දෙනෙතෙහි සැංගී
කවුරුද සැතපෙන්නේ
මල් සර මල් දුන්නේ
මල් හී සැර එන්නේ
නිසසල තනි ලිය ගොමුවේ
චංචල සුළඟකි හැමුවේ
නුපුරුදු සිතුවිලි බිහිවේ
එනු හිනැහෙනු මා හමුවේ
මල් සර මල් දුන්නේ ...
බෙද බෙද මධු රස මියුරු
සුව ගෙන දෙන මට නුහුරු
සැඟවෙනවද කොයි කවුරූ
එනු මැන පෙන්වා රුසිරූ
මල් සර මල් දුන්නේ ...
ගී පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: එස් ෂන්මුගම්
ගායනය : එච් ආර් ජෝතිපාල
Comments
Post a Comment