මල් දුන්ණේ මල් හී - Mal Dunne Mal Hee - Edward Jayakodi
මල් දුන්ණේ මල් හී බින්දේ කව්රුන්දැයි මල් බඹරින්දේ රන් කෙන්දෙන් අත් බැඳ දුන් ඒ පෙම්වත් පෙම් මින්දද නින්දේ සිරියහනේ මා තනි වේද අහෝ // ගෝමර රන් බඳ දිලිසෙන්නා මා යන මං පෙත ඈ එන්නා ඈට විදින්නට මල් සර හී සැර කෝ // හද චන්දන අංගනයේ ... පුරවන් මකරන්ද ප්‍රියේ .... හද චන්දන අංගනයේ පුරවන් මකරන්ද ප්‍රියේ මල් දුන්ණේ මල් හී බින්දේ .. මානවිකා ගී සින්දු ඇසේ හංස රැඟුම් ලැම සීන දිසේ පංච කුසුම් හී වින්දන ප්‍රේමේ කෝ // වෙන නැද්ද විදින්න අවී ... පවසන්න අනංග දෙවි ... වෙන නැද්ද විදින්න අවී පවසන්න අනංග දෙවි මල් දුන්ණේ මල් හී බින්දේ ..// ගී පද : අජන්තා රණසිංහ ගායනය: එඩ්වඩ් ජයකොඩි සංගීතය: රෝහණ වීරසිංහ