Posts

Showing posts from January, 2026

මල් දුන්ණේ මල් හී - Mal Dunne Mal Hee - Edward Jayakodi

මල් දුන්ණේ මල් හී බින්දේ  කව්රුන්දැයි මල් බඹරින්දේ  රන් කෙන්දෙන් අත් බැඳ දුන් ඒ  පෙම්වත් පෙම් මින්දද නින්දේ  සිරියහනේ මා තනි වේද අහෝ // ගෝමර රන් බඳ දිලිසෙන්නා  මා යන මං පෙත ඈ එන්නා  ඈට විදින්නට මල් සර හී සැර කෝ // හද චන්දන අංගනයේ ... පුරවන් මකරන්ද ප්‍රියේ .... හද චන්දන අංගනයේ පුරවන් මකරන්ද ප්‍රියේ  මල් දුන්ණේ මල් හී බින්දේ .. මානවිකා ගී සින්දු ඇසේ  හංස රැඟුම් ලැම සීන දිසේ  පංච කුසුම් හී වින්දන ප්‍රේමේ කෝ // වෙන නැද්ද විදින්න අවී ... පවසන්න අනංග දෙවි ... වෙන නැද්ද විදින්න අවී පවසන්න අනංග දෙවි  මල් දුන්ණේ මල් හී බින්දේ ..// ගී පද : අජන්තා රණසිංහ  ගායනය: එඩ්වඩ් ජයකොඩි  සංගීතය: රෝහණ වීරසිංහ 

සඳ පහන නෙත නිවන - Sanda Pahana - Karunarathna Divulgane

සඳ පහන නෙත නිවන සිත ලඟදි දැල්වී  නුඹ සඳව මා හදෙහි තව ඇත නොසෙල්වී  ලොව දෑස දැල්වී තතු සොයන කල්හී  නුඹ සඳව මා හදෙහි ඇත දැල්වී දැල්වී  මල් ලතා මණ්ඩපේ පෙම් කතා අපමණයි  අපේ කතා ලඟදි ඒ හැම කතා ගොළු උණයි  මල් මහේ පෙම් කවිය ලියවුනේ නුඹටමයි  ආදරේ අහන්නේ ආදරය විතරමයි  සඳ පහන නෙත නිවන සිත ලඟදි දැල්වී  නුඹ සඳව මා හදෙහි තව ඇත නොසෙල්වී  ගලන ගං දිය මතේ රළ සරැළි අපමණයි  සාගරය දුටුව දා ඒ සරැළි අසරණයි  රළ නොනිමි ආදරය මා පිදුවේ නුඹටමයි  ආදරේ කියන්නේ ආදරය විතරමයි  සඳ පහන නෙත..... ගී පද: යමුනා මාලිනි පෙරේරා  ගායනය: කරුණාරත්න දිවුල්ගනේ  සංගීතය: රෝහණ වීරසිංහ 

මගතොට හමු වී - Magathota Hamu wee - Indika Liyanage

  මගතොට හමු වී නොදුටුව සේ යන තරුවක් වැනි නිල් අහස් ගැබේ සොඳුරිය ඔබ ගැන ලොවෙන් වසන් කල අදටත් සුරකින රහස් තිබේ අදටත් සුරකින රහස් තිබේ පෑගෙන තරමට නින්දා ඉවසමි ඉවසා සඟවමි වරද ඔබේ බෝ දුක් කඳුලැලි ඔබ වෙනුවෙන් දරු මගෙ හිත මට මහ මෙරක් වගේ පෙම් වත් මේ හිත තලා පෙලා ගිය පසුවත් අහිතක් ජනිත නොවේ නටු අග කටු මත හදවත සතපන සෙනෙහස හුදු වචනයක් නොවේ ගී පද - නාරද විජයසූරිය තනුව සහ ගායනය - ඉන්දික ලියනගේ