Posts

Showing posts from June, 2021

වක්කඩ ළඟ - Wakkada langa - Victor Rathnayake

  වක්කඩ ළඟ බැද්ද ඉමේ ඉද්ද ගැසී බලා හිඳී ගමේ ගැටවු නුඹ යන මඟ කඩ පිළ ළඟ බලා හිඳී කට කොනකින් වත් එපා හිනා නගන්න නෙත කොනකින් වත් එපා ..... බැලුම් හෙලන්න මල්ගෝමර සිහින් බඳේ සුළඟ දකී ටිකිරි නගේ මුතු දත් පෙල පුරා නටන කොමළ හිනා බිංදු බිංදු අනේ කොහෙද නුඹේ රුවට මං දැක නැහැ ගමේ ළන්දු වක්කඩ ළඟ .... වත පියුමේ රුවට ළඳේ හඳපානත් වියරු වැටේ ගොම්මන් කළුවර යාමේ තනි මඟ නොම යන් නිරතුරු ඔය ලස්සන වසා ගනිං දීගෙක යන දා එන තුරු වක්කඩ ළඟ ... ගී පද: උපාලි ධනවලවිතාන ගායනය: වික්ටර් රත්නායක සංගීතය: සරත් දසනායක

නීල නෙත - Neela Netha - Abeywardena Balasuriya

  නීල නෙත රතදර නලවා සුසුදු වත හසරැල් තවරා පිය නඟා එනු මැන මිහිරේ සොයා ආදරේ// අනාගත පැතුම් තටාකේ සරන රණ හංසිය මාගේ// දිවි තුරා මතුද අද වගේ රඟන සොඳුරියේ නීල නෙත..... දෑ සමන් පොකුරු සිනාවේ සුවඳ හද පතුලෙනි හැමුවේ// එවන් හද විමන් තලාවේ රැඳී එමි ප් ‍ රියේ නීල නෙත.....// ගී පද: හේමන්තා තිලකසිරි ගායනය: අබේවර්ධන බාලසූරිය සංගීතය: ඔස්ටින් මුණසිංහ

සඳ කුමාරි - Sanda Kumari - Chandana Liyanaarachchi

  සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එළාවි පිණි බිංඳු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සඳ කුමාරි මගෙ මනාලි කළු වලාකුළක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි මට හොඳටම දුක හිතේවි රැය එළිවෙනකන් හඬාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි ... ගී පද : ධම්මික බණ්ඩාර සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා ගායනය : චන්දන ලියනාරච්චි

සිරිනි සරුසර වීලා Sirini Sarusara - Dharmadasa Walpola

සිරිනි සරුසර වීලා නීල ගොයම් පැසේ දර්ශනේ රම්‍ය ලංකාර වේ // විල් පිරීලා මානෙල් පිපීලා සුවඳෙනී ඉතිරීලා මේ ආනන්දේ නයන රසදේ මේ ආනන්දේ නයන රසදේ පිටිසරෙහි සිරියා සොබනා සුරලියෝ සම ලියෝ පූර්ණ සඳසේ උවනා සුරලියෝ සම ලියෝ පූර්ණ සඳසේ උවනා වරල දිලිසේ වලාකුල සේ වරල දිලිසේ වලාකුල සේ දෙතොල නා දළු පරදනා නීල මිණි සේ නෙත් කාන්ති විහිදේ ළැමද රණ හංසයො සේ. රූප නාරී මන පිනාවී පිටිසරෙහි සිරියා සොබනා ගීපද ? සංගීතය: ආර් මුත්තුසාමි ගායනය: ධර්මදාස වල්පොල සිනමාපටය: මාතලන්

ඔබ මා දයා දියේ - Oba Ma daya diye - Sanath Nandasiri

ඔබ මා දයා දියේ තෙමූ සෙනෙහේ නුවන් බිඳී හද වේදනා ගිලන් හලේ නැවතී හිඳින්නෙමී මොහොත මොහොත පිය නොලා ඒ ඔබේ නෙතේ මා දැවූ ප්‍රකෝපයේ හී වැදී රිදී හද වේදනා ගිලන් හලේ නැවතී හිඳින්නෙමී දෝත දෝත මී පුරා දී දිනූ ළඳේ ආදරේ ප්‍රගීතයෙන් දෑසවන් මිදී හද වේදනා ගිලන් හලේ නැවතී හිඳින්නෙමී ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය, ගායනය: සනත් නන්දසිරි

ඕ සනම් - O Sanam - Lucky Ali

  ම්    ම්ම්   ම්       ම්  ම් ම්ම්  ම්     හෝ ඕ ඕ     ඕ  ශාමන් ස වෙරි තේරී යාදෙ(න්) ආති හෙයි  ආකේ දිල් කෝ මෙරේ යු(න්) තද් පාති හෙයි  ඕ සනම් මො හ බත්කි කසම් ම්    ම්ම්   ම්       ම්  ම් ම්ම්  ම්     හෝ ඕ ඕ     ඕ  මිල් කේ බිචද්නා තො දස් තූර් හෝ ගයා  යාදු(න්) මේ තෙරි මජ් බූර් හෝ ගයා  ඕ සනම් තෙරි යාදොන් කි කසම් ම්    ම්ම්   ම්       ම්  ම් ම්ම්  ම්     හෝ ඕ ඕ     ඕ  සමුජේ සමාන සේ දිල් හේ කිලෝනා  ජාන හේ අබ් ක්‍යා-හයි දිල් ක ලගානා  නසරෝ(න්) සේ අබ් නා හම්කො ගිරානා  මර් භී ගයේ තො බූල(න්) න ජානා  ආන්කොන් මේ(න්) බසී හෝ පර් දූර් හෝ කහින්  දිල් කේ කරීබ හෝ යේ මුජ්කෝ හයි යාකින්  ඕ සනම් තේරි ප්යාර් කි කසම්  ම්    ම්ම්   ම්        ම්  ම් ම්ම් ...

රා රා රා බොම්බියේ - Ra Ra Ra Bombiye - Sunil Edirisinghe

  රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ // ජපං මැන්ඩලින් නද කර // අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ රා රා රා බොම්බියේ ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ රා රා රා බොම්බියේ ගී පද : සුනිල් සරත් පෙරේරා  සංගීතය: රෝහණ වීරසිංහ  ගායනය: සුනිල් එදිරිසිංහ 

ඔය හද පාතාල ආමී - Oya hada pathaala - Mohideen Beig

  ඔය හද පාතාල ආමී  මට දෙන්න දේහිණීයේ  ඔබේ පෙම් දායදේ // ඕඕ .... ආ ආ  - ම්ම්ම්ම් ... දහසක් ප්‍රදීප දැල්වේ, දෙව් දුවගේ දෙව් විමානේ  එක පහනකියි දිලෙන්නේ මගේ හදෙහි, ඒ ඔයානේ.. හෝ..ඕ ඕ ඕ ..... සෝ කඳුළු ගඟක නෑවී, සිහිනෙන් පවා පතන්නේ  ඔබේ පෙම් දායදේ // ඕඕ .... ආ ආ  - ම්ම්ම්ම් ... සුදු වත සිගා දිනේදී, ඔබේ ප්‍රිය සැප ඇති මැදුරේ ඔය විමනේ දොර වාසාලා, එලවා නොගන්න සොදුරේ... හෝ..ඕ ඕ ඕ සෝ කදුළු ගඟක නෑවී, සිහිනෙන් පවා පතන්නේ ඔබේ පෙම් දායදේ //