ඔබ නැතුව - Oba Nathuwa - Victor Rathnayake
ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නෙත ඔබව සොයනවා දවසෙම // මේ සීතල හිම ගිරි අරණේ මට හමුවූ වන පස කුසුමේ // පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ මාලතියේ ඔබ නැතුව මේ ජීවන අව පස අහසේ ඔබ පුර පස සඳ වී පිපුනේ // ඔබේ රැසින් මා දවාලන්න රෑ ලය මත සනහා රාජිනියේ ඔබ නැතුව ගී පද: සුජීව ප්‍රසන්න ආරච්චි සංගීතය, ගායනය: වික්ටර් රත්නායක